නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනා කිරීමට විපක්ෂය තීරණය කරයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අප සමග ප්‍රකාශ කළේ ලබන පාර්ලිමේන්තු සතියේ දී ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට වර්තමාන රජය පසුගිය මැතිවරණවලදී රටට පොරොන්දු වූ බවත් මේ වන විට එම පොරොන්දුව රජය විසින් උපක්රමශීලීව අමතක කරමින් සිටින බවත් ගයන්න කරුණක මහතා පෙන්වා දෙන ලදී. රට හමුවේ තැබූ එම පොරොන්දුව ආණ්ඩුවට සිහිපත් කරමින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනා කරන බව ඒ මහතා සඳහන් කළේය. මෙම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සියළුම පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිවී තිබෙන බවත් ගයන්ත කරුණා තිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය






















