Sunday, November 8, 2026
HomeNEWSනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය.

ඒ යටතේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු අද දිවුරුම් දෙනු ලැබූ අතර ඉන් බහුතරය පළමුවරට කැබිනට් ධුරවලට පත්වීම විශේෂත්වයකි.

කොටුව ජනාධිපති මන්දිරයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරුණි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
රමේෂ්  පතිරණ – අධ්‍යාපන අමාත්‍ය / වැවිලි කර්මාන්ත අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂ අමාත්‍ය / සංචාරක අමාත්‍ය
දිලුම් අමුණුගම – ප්‍රවාහන අමාත්‍ය / කර්මාන්ත අමාත්‍ය
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය
ජානක වක්කුඹුර – කෘෂිකර්ම අමාත්‍ය /වාරිමාර්ග අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – වෙළෙඳ අමාත්‍ය / සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ජල සම්පාදන අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
කංචන විජේසේකර – බලශක්ති අමාත්‍ය / විදුලිබල අමාත්‍ය
තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය
නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවික අමාත්‍ය

මීට අමතරව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත්, අලි සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත් මීට පෙර දිවුරුම් දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img