කිරීමනාමල් රාජපක්ෂ මන්ත්රිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් ඇතුළු නාමල්ගේ හිතවතුන් පිරිසක් අතර පසුගිය 01 වැනිදා කොළඹ එක්තරා ස්ථානයක දී සාකච්ඡාවක් පැවැත්විණි.වර්තමාන දේශපාලන තත්ත්වය, රටේ ආර්ථිකය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කතාබහ විය.“මන්ත්රීතුමා දැන් කොහොමද, ඔබතුමාගේ නඩුවල තත්තවය” එක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විමසීය. “මාව දේශපාලන වශයෙන් දඩයම් කරන්න දාපු නඩුනේ මේවා. නඩු ගැන කතා කරන්න මං කැමති නැහැ. ඒත් සාක්ෂිවල පරස්පරතා වලින් මේ නඩු සේරම ගොතපුවා බව පැහැදිළි වෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.රාජපක්ෂවරුන්ගෙනුත් උපරිම ලෙස දඩයම් කරන්න හදන්නේ නාමල් රාජපක්ෂ නේද? යනුවෙන් තවත් මන්ත්රීවරයෙකු විමසුවේය.“ඔය දඩයම්වලට බය නම් මේ රටේ දේශපාලනය කරන්න බැහැ” යනුවෙන් ඊට නාමල් පිළිතුරු දුන්නේ මුවඟට සිනහවක් ද නඟමිණි.






















