Thursday, September 3, 2026
HomeNEWSනාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය..

නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය..

නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය…වාර්ෂිකව පුහුණු නාවිකයින් 5000 ක් බිහිකිරීමට රජය බලාපොරොත්තු වේ…නාවික සහ ගුවන් සේවා ක්‍ෂේත්‍ර රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම රජය බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. කැම්බර් ටෙක්නික්ස් ට්‍රේනින් සෙන්ටර් විවෘත කිරීමේ අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ පුහුණු ක්‍රියාකාරකම්, රාජ්‍ය ධාරාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟ වෙන ලෙස සකසමින් උපාධි ලබාදීමේ ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කළ යුතු බවයි. ඉදිරි මාස 6 ඇතුළත පෞද්ගලික අංශයට රාජ්‍ය සහාය ලබා දීම පිළිබඳව ද අවධානය යොමුව ඇත. එමගින් ජාත්‍යන්තර සමග තරග කල හැකි ශ්‍රි ලාංකේය විශිෂ්ට ශ්‍රමිකයන් ක්‍ෂේත්‍රයට එක් කිරීමේ හැකියාව ලැබේ. කැම්බර් ටෙක්නික්ස් ඒවියේෂන් ට්‍රේනින් සෙන්ටර් විවෘත කිරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගුවන් හා නාවික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිය ශ්‍රමිකයන්ට විශේෂිත අවධානයක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් මේ වන විටත් හිමිව ඇති බවයි.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img