Wednesday, September 2, 2026
HomeNEWSCOVID-19නැව් තටාකාංගණයේ කොරෝනා ආසාදිතයින් 05ක්

නැව් තටාකාංගණයේ කොරෝනා ආසාදිතයින් 05ක්

නැව් තටාකාංගණයේ කොරෝනා ආසාදිතයින් 05ක්

මේ වනවිට කොළඹ නැව් තටාකාංගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මීට පෙර ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගත් මතුගම සිට කොළඹ බලා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයේ සිටි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස මෙම පිරිස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වන තවත් බස් රථයක සේවකයෙකු ද ඊයේ හදුනාගත් නව ආසාදිතයින් අතරට අයත් ය.

කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයෙකු සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු නව ආසාදිතයින් අතරට අයත්වන බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ අතර මේ වනවිට කොවිඩ් රෝගීන් 2026 දෙනෙකු රෝහල් 18ක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් රෝගීන් සඳහා ප්‍රමාණවත් රෝහල් පහසුකම් පවතින බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img