Friday, November 13, 2026
HomeNEWSනිරෝධායන රීති කැඩූ 436ක් අත්අඩංගුවට

නිරෝධායන රීති කැඩූ 436ක් අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි යටතේ බස්නාහිර පළාත තුළ ජංගම වෙළෙඳුන් 187 දෙනෙකු ඊයේ (06) දිනයේ පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විවිධ ආයතන 852ක් ද පරීක්ෂාවට ලක් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩා ස්ථාන, ආපනශාලා එලෙස පරීක්ෂා කර තිබුණි.

එම පරීක්ෂාවලින් නිරෝධායන උපදෙස් කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

තවත් පුද්ගලයින් 14 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

අදාළ මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මක කෙරේ.

මේ අතර නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිසෙන් 101ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදීය. 

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img