අකුරැස්ස, දීගල ප්‍රදේශයේ නිවසක බිත්තයකට යට වී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් 8 හැවිරිදි පිරිමි දරුවෙක් එලෙස මියගොස් ඇති බවය.
එමෙන්ම අනතුරින් තවත් 5 හැවිරිදි දරුවෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ නිවස අලුත්වැඩියා කරමින් තිබෙන අතරතුර එම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















