සිය හිඟ තැන්පතු මුදල් ලබා නොදීමට විරෝධය පළකරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් අද (01) නිහඬ විරෝධයක නිරත වූණි.
අප වාර්තාකරු පැවසුවේ මහ බැංකු පරිශ්රය ඉදිරිපිට ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවය.
පසුව විරෝධතාකරුවන් 7 දෙනෙකුට මහ බැංකුවේ නියෝජිතයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුවත් එම සාකච්ඡා ද අසාර්ථක වූ බව විරෝධතාකරුවන් පැවසීය.






















