Sunday, November 8, 2026
HomeNEWSනීතිඥ සංගමයෙන් නිවේදනයක්

නීතිඥ සංගමයෙන් නිවේදනයක්

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල තියුණු උල් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවදානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අවධාරණය කර ඇත්තේ පොලිස්පති, පොලීසිය සහ සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයක දී ක්‍රියාකළ යුතු වන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

එමෙන්ම සාමකාමී උද්ඝෝෂණ සිදුකිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරිමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම ද ඔවුන්ගේ වගකීමක් බව නීතිඥ සංගමය පෙන්වාදෙයි.

යම් කිසිහෙයකින් ප්‍රචණ්ඩකාරි වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත්කරදීමට තුඩුදිය හැකි බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබු පාගමනට බාධා පැමිණ වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව නිලධාරීන් තිදෙනෙකු ඒ සඳහා පත් කර ඇති බව ඔවුන් සඳහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (24) දිනයේ දී දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබු අතර ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා අවහිර කර තිබුණි.

එමෙන්ම ඇතැම් ස්ථානවල මාර්ග බාධකවලට තියුණු උල් සවිකර තිබු සවිකර තිබු බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ දැඩි අවදානය යොමුව ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img