Friday, October 30, 2026
HomeNEWSපරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පිටකෝට්ටේ “සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පරපුර දෙකෙහි නියෝජිකත්වය සහතික කරනු ලැබුවේ Viii වැනි විධායක ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මිලේනියල් UNP පරපුර වයස අවුරුදු 35-40 දක්වා කාණ්ඩය නියෝජනය කරයි. Gen Z UNP පරපුරට අයත් වන්නේ වර්ෂ 2000 න් පසුව ඉපදුනු යෞවන, යෞවනියන්ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් මේ ආකාරයට පරපුර දෙකක් නියෝජනය වන සාමාජකත්වය ප්‍රවර්ධනය කළ පළමු අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

වසර 5ක ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ වෙනුවට අවුරුදු 20ක වැඩපිළිවෙලක් ඇතුළත් එක්සත් ජාතික පක්ෂ හරිත පත්‍රිකාව පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා කීවේය.

තනි තනි දේශපාලන පක්ෂ වශයෙන් නොව පොදු එකඟතාවයක් යටතේ සියලු පක්ෂ එකට වැඩකිරීමේ අවශ්‍යතාවය සහා ඒ වෙනුවෙන් වන ක්‍රමවේදය Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විස්තර කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

The membership of the United National Party (UNP) was restructured and the representation of the two generations, the Millennial UNP and the Gen Z UNP, was officially announced today (30).

The representation of these two generations was confirmed by the VIII Executive President and UNP Leader, Mr. Ranil Wickremesinghe, at the UNP Working Committee meeting held at the UNP Headquarters in “Sirikotha” in Pitakotte.

The Millennial UNP generation represents the age group of 35-40 years. The Gen Z UNP generation includes young men and women born after the year 2000.

This is the first time that a political party in Sri Lanka has promoted membership representing two generations in this way, said UNP Chairman Wajira Abeywardena.

Wajira Abeywardena said that the UNP Green Paper, which includes a 20-year program instead of a 5-year election manifesto, was also discussed at length at the Working Committee meeting.

The UNP Chairman further said that the need for all parties to work together under a common consensus and the methodology for that was explained by Executive President Ranil Wickremesinghe at the Working Committee meeting.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img