පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි
නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල ප.ව 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී






















