Sunday, November 8, 2026
HomeNEWSපළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේ දී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේ දී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ඔක්තොම්බර් මස 30 වන දිනෙන් පසු නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වු අතර එහි කාලසීමාව මේ වන විට වසරකින් දීර්ඝ කර තිබේ.

කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයට පෙර පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා එහි සාමාජිකයින්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු වේ.

ඒ අනුව දීර්ඝ කල කාලසීමාව සම්පුර්ණ වීමට ප්‍රථම මාස තුනකට පෙර මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

කෙසේවෙතත් ඔක්තොම්බර් මස 30 වන දින මෙවර ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබීමට මැතිවරණ කොමිසම මේ වන විට සැලසුම් කර තිබේ.

ඒ අනුව එම නාමලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img