Wednesday, November 11, 2026
HomeNEWSපළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය.

පවතින සංචරණ සීමාවලට පටහැනිව යම් පුද්ගලයෙකු පළාත් මායිම් අතර ගමන් කිරීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවනු ලැබූ අතර සංචාරක, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, වරාය, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක්  පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

කෙසේවෙතත් අදාළ අවසර සහිත පුද්ගලයින් ද විශේෂ පරීක්ෂාවකට භාජනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img