Thursday, August 27, 2026
HomeNEWSපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි - ඇමති නලින්ද

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි – ඇමති නලින්ද

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි විසින් පසුගියදා පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පසුගිය (23)දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේදී පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කර සීමා නිර්ණය කටයුතු කළහොත් මැතිවරණය පැවැත්වීම සඳහා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවය.

මැතිවරණය පැවැත්වීම සඳාහ නීතියක් නොමැතිව මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඒ අනුව කඩිනමින් නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

“පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තමයි රජයේ අපේක්ෂාව. අපිට මේ අවුරුද්දෙදි පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරලා, සීමා නිර්ණය කරලා දුන්නොත් මුදල් වෙන් කරලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නෑ කියලා අදහසක් නෑ. පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා ඒකෙන් ඒ කටයුතු සිදුවිය යුතුයි. මැතිවරණය පැවැත්වීම සඳහා නීතියක් නොමැතිව මැතිවරණයක් පවත්වන්න බෑ. නීතිය අපි කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img