Wednesday, November 11, 2026
HomeNEWSප්‍රදානයක් ලෙස හිමිවූ තවත් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ප්‍රදානයක් ලෙස හිමිවූ තවත් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද (27) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

අප වාර්තාකරු පැවසුවේ චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මගින් අද උදෑසන 8.00ට එම එන්නත් තොගය රැගෙන ආ බවය.

මීට අමතරව දෙවන තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වේ.

එමෙන්ම මෙම එන්නත් තොගය සමග චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි.

මේ අතර දිනකදී වැඩිම පිරිසකට එන්නත් ලබාදීම වාර්තා කරමින් ඊයේ (26) මෙරටදී පුද්ගලයින් 437,878 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img