Thursday, September 24, 2026
HomeNEWSප්‍රදේශ රැසක සිසුන් සහ ගුරුවරුන් ආසාදිත වෙයි - විදුහල්පතිවරු කිහිපදෙනෙක්ටත් කොවිඩ්

ප්‍රදේශ රැසක සිසුන් සහ ගුරුවරුන් ආසාදිත වෙයි – විදුහල්පතිවරු කිහිපදෙනෙක්ටත් කොවිඩ්

මොනරාගල නගරයේ ඇති ජාතික පාසලක ඉගෙනුම ලබන තාක්ෂණික අංශයේ සිසුන් 4 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (26) හඳුනාගෙන තිබේ.

එමෙන්ම මොනරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 3ක විදුහල්පතිවරු තිදෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

එම දිස්ත්‍රික්කයේ සේවය කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ද එම ආසාදිතයින් අතරට අයත් බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

මේ අතර වැල්ලවායේ සිදු කළ PCR පරීක්ෂණ 53ක ප්‍රතිඵල අනුව 46 දෙදෙනකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.

පසුගිය 24 වනදා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල එලෙස ලැබී තිබුණි.

මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මෙලෙස PCR සඳහා යොමුකර තිබුණි.

මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත වැල්ලවාය නගරය පිළිබඳ තීරණයක් ගැනීමට සිදුව ඇති බවය. 

මේ අතර සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය අවට පාසල් 05ක් සහ බුත්තල නගරය අවට පාසල් 04 ඇතුලුව පාසල් 15ක් හෙට සිට සතියක කාලයක් වසා දැමෙන බව දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

මීට අමතරව, මිනුවන්ගොඩ, කලුතර, කොට්ටාව, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල්වලින් කොවිඩ් ආසාදිත සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

මේ අතර කොවිඩ් ව්‍යප්තිය හමුවේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් 12කින් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනා ගැනීමත් සමග එම කලාපයේ පිහිටි පාසල් 81ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ නියෝග කළාය.

කෙසේ වෙතත් පාසල් පද්ධතියේ උද්ගත වෙමින්
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල් වසා දැමිය යුතු බව වෛද්‍යවරු ඇතුළු පාර්ශ්ව රැසක් පවසති.

ලංකා ගුරු සංගයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ, “සමස්ත වගකීම විදුහල්පතිවරුන්ට පවරලා අධ්‍යාපන අමාත්‍යාංශය අත හෝදගන්න තත්ත්වයක් තියෙන්නේ,”යනුවෙනි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ, පාසල් දරුවන් නිවසේ තබා ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාව තිබිය යුතුම බවය.

මේ අතර අදට යෙදී ඇති බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ශ්‍රී මහා බොධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට පැමිණ සිටි පිරිස අතරින් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අහඹු ලෙස තෝරාගෙන සිදුකර තිබූ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ 75ක් අතරින් ය.

ආසාදිතයින් ගම්පහ සහ අනුරාධපුරය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර කොවිඩ් ව්‍යාප්ති අවදානම හේතුවෙන් හුන්නස්ගිරිය බඹරබැද්ද මාර්ගයට ඇතුළුවීම සහ පිටවීම මේ වනවිට තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img