Wednesday, November 11, 2026
HomeNEWSප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකුව අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බවත් එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් දන්වා එම ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බවය.

පසුව අදාළ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් ඇති පනාගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් සහිත කීර්ති රත්නායක නැමැත්තෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවත් කිසියම් සිද්ධියක් නිසා පසුව ඔහුව ඉන් නෙරපා ඇති බවත්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img