T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්ථානය අතර දැන් කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු හතක් දැවී ලකුණු එකසිය හැත්තෑ පහක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පාකිස්තානයට මෙම තරඟයෙන් ජය ලබා ගැනීම සඳහා ලකුණු එකසිය හැත්තෑ හයක ඉලක්කයක් හිමිවී තිබේ.






















