Sunday, November 8, 2026
HomeNEWSපාන්වලින් ජනතාව රැවටුණු අයුරු හෙළිවෙයි

පාන්වලින් ජනතාව රැවටුණු අයුරු හෙළිවෙයි

පාරිභෝගිකයින් විසින් මිලදී ගන්නා පාන් පිළිබඳව අද (21) විශේෂ අනාවරණයක් සිදු කෙරුණි.

එහිදී අනාවරණය වුණේ නිසි බර සහ ප්‍රමිතියෙන් යුත් පාන් ගෙඩියක් පාරිභෝගිකයින්ට නොලැබෙන බවය.

“අද දෙරණ” අප දිවයින පුරා කළ සොයා බැලීමකදී වැඩිදුරටත් හෙළිවූයේ ඉහළ මිලකට පාන් අලෙවි කළ ද නිසි බරින් සහ ප්‍රමිතියෙන් යුත් පාන් ගෙඩියක් ජනතාවට අතට පත් නොවන බවය.

1864 අංක 13 දරණ පාන් ආඥා පනතට අනුව පාන් ගෙඩියක් අලෙවි කිරීම සඳහා නිශ්චිත බරක් තිබිය යුතුය.

ඒ අනුව එහි තිබිය යුතු බර ග්‍රෑම් 225, 450, 900 සහ 1,800 ලෙස දැක්වෙයි.

මෙරට වැඩි වශයෙන් ආහාරයට ගැනෙන පාන් ගෙඩියක හෙවත් පාන් රාත්තලක බර ග්‍රෑම් 450ක් විය යුතුය.

නමුත් අප කළ විමසීමේදී අනාවරණ වූයේ ඉහළ මිලක් ගෙවනු ලැබුව ද, අවම වශයෙන් ග්‍රෑම් 450 ක බරින් යුතු පාන් ගෙඩියක් පාරිභෝගිකයාට නොලැබෙන බවය.

ඒ අනුව මේ පිළිබඳ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් ඇසුරෙන් අප සොයාබැලීමක් සිදු කළේය.

එහිදී අපට දැකගත හැකි වුයේ නිසි ප්‍රමිතියෙන් තොරවූ පාන් වෙළෙඳපොලේ විකිණීමට ඇති බවය.

ඒවැනි පාන්වල බර සටහන් වූයේ ග්‍රෑම් 300ක්, 305ක් 314ක්, 330ක් සහ 370ක් වශයෙනි.  

මේ පිළිබඳව අද පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිලධාරීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img