Saturday, October 24, 2026
HomeNEWSපාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ...කතානායකතුමාට විරෝධය පළ කරමින් සජබයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යයි.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් …කතානායකතුමාට විරෝධය පළ කරමින් සජබයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යයි.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැන් පිරිසක් සහ ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉවතට යන්නට කටයුතු කළේය.විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට කතානායකතුමා ඉඩ ලබා නොදෙන බවත් ඊට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන් කතා කිරීමේ අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕනෑ තරම් කතානායකතුමා අවස්ථාව ලබා දී තිබේදිත් අනවශ්‍ය ආකාරයෙන් සභාව කරගෙන යාමට ඉඩ ලබා නොදීම අනුමත කල නොහැකි බවයි. කතානායකතුමාට අපහාසවන ආකාරයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කිරීම ගැන කණගාටු වන බවද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය .කෙසේ නමුත් වාද විවාදයක් දෙපාර්ශවයෙන්ම සිදුවූ අතර අවසානයේදී කතානායකතුමාට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටත් වීමට කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img