Thursday, November 6, 2025
HomeNEWSපාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අදාළ හොඳම භාවිතයන් බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂ වටිනා සාකච්ඡාවක් සඳහා ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවිය.ආයතනික වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායකයට අදාළ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු තුළ තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව නායකයින් දෙපළ අතර අදහස් රැසක් මෙහි දී හුවමාරු විය. ව්‍යුහගත හුවමාරු, අධ්‍යයන චාරිකා සහ ධාරිතා ගොඩනැගීම වැනි මුලපිරීම් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට එහි දී ඔවූහු එකඟ වූහ.ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ පාර්ලිමේන්තු අඛණ්ඩතාවයේ වටිනාකම් සඳහා දෙරටේම බෙදාගත් කැපවීම මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාවලින් පසුව ලෝක් සභා සංකීර්ණයේ නව කථානායක කාර්යාලයේ සංචාරයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා ලැබුණි. එහි දී අති නවීන පහසුකම් සහ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් වූ කඩදාසි රහිත පාර්ලිමේන්තු මෙහෙයුම් පද්ධතිය, නවීකරණය වූ ව්‍යවස්ථාදායක පාලනය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආකෘතියක් ද දැකගත හැකි විය.https://youtu.be/giqyI6iFcys?si=2gRBedyOtvt98GiL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...

වතිකානයෙන් ඇමති විජිතට සහතිකයක්

වතිකානු ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img