Sunday, August 2, 2026
HomeNEWSඅවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණින් දින 04ක කාලයක් සරත් කුමාර් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට්, ප්‍රයිවට් චැලේට්ස් සහ ආශ්‍රම් (Aviyana Ceylon Resort – Private Chalets & Ashrams) හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ ආරධනාවකට අනුව මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සරත් කුමාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක පිහිටා ඇති මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට් වෙත හෙට (06) දින සරත් කුමාර් පැමිණීමට නිමිතව ඇත.මීට අමතරව කොළඹ, ගාල්ල, යන ප්‍රදේශවලද සරත් කුමාර් සංචාරය කිරීමට නියමිතයි.දකුණු ඉන්දීය ප්‍රකට නළු සරත් කුමාර් අරසු, පාරයි, ගාම්භීරම් ඇතුළු චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත රඟපා ඇති අතර ඔහු ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය කලාකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img