Tuesday, November 24, 2026
HomeNEWSමීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත...

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත ස්ථානවලට

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ඉවත්කර ජනතාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්……!


කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි වසම්වල ස්ථානගතව පවතින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන නළ පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත්කර එම ජනතාවට ආරක්ෂිත නිවාස ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

මීතොටමුල්ල, දහම්පුර සහ කුරුණියාවත්ත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ ව්‍යාපෘතිය පිළිබද අධ්‍යනය කිරීමටත් ඛණිජ තෙල් සංස්ථා තෙල් නල මත ඉදිකර ඇති නිවාස හා ඉදිකිරීම් පිළිබද සොයා බැලීමටත් කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීහු .(22) දින විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක්වූහ.

මෙහිදී ඉදිකර ඇති නිවාස, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් පිළිබද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කලේය. කුරුණියාවත්ත සහ දහම්පුර ග්‍රාම නිලධාරි වසම්වල නිවාස 80 ක් අමාත්‍යවරයා ඇතුළු ඒකාබද්ධ නිලධාරි කණ්ඩායමේ පරීක්ෂාවන්ට ලක් කෙරිණ. එහිදී අවදානම් සහ අනාරක්ෂිත ලෙස හඳුනාගත් නිවාස 37 ක් ඉවත් කිරීම සුදුසු බව යෝජනා වූ අතර, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම ඉවත් කිරීම් සිදු කිරීමට නියමිතය. මෙම ඉවත්කරන නිවාස හිමියන්ට හේනමුල්ල, ‘හෙලමුතු සෙවණ’ නිවාස සංකීර්ණයෙන් නව නිවාස ඒකක ලබාදීමට සැලසුම් කර ඇත.

කොලොන්නාවේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘නිමාව’ පර්යන්තය වෙත ඉන්ධන රැගෙන එන සැපයුම් නල පද්ධති මාර්ගය මීතොටමුල්ල හරහා ස්ථාපිත කර ඇති අතර, එම නල මාර්ගය මගින් සපුගස්කන්ද, කැලණිය, ගෝනවල, කැලණිමුල්ල, වෙන්නවත්ත, මීතොටමුල්ල හරහා කොලොන්නාව ‘නිමාව’ පර්යන්තයට ඉන්ධන සැපයේ. කිලෝමීටර් 8.5 ක දුර නල මාර්ග පද්ධතිය, වසර 50 කට අධික කාලයකින් විධිමත්, පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කර නොමැති අතර, නිසි මෙහෙයුම් සැලසුමක් නොතිබීම හේතුවෙන් පසුගිය දශක ගණනාවක් පුරා නිවාස ඇතුළු අනවසර ඉදිකිරීම් රැසක් නල මාර්ග පද්ධතිය මත හා ඒ ආශ්‍රිතව ඉදිකර ඇත.

ඉන්ධන නල මත ඉදිකර ඇති නිවාසවල පදිංචි ජනතාවගේ ජීවිතාරක්ෂාව ප්‍රමුඛව සලකා අත්‍යවශ්‍යව පවතින නල පද්ධතිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදුකිරීමටත් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පහසු කිරීමත් ඉලක්ක කර ගනිමින් මෙම ඉවත් කිරීම් ක්‍රියාවලිය සිදු කෙරේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, පලාත් පාලන ආයතනවල ඒකාබද්ධ සැලසුම්කරණය අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට සමගාමීව කොලොන්නාව ආසනයේ අංක 512 බී, සිංහපුර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වන ගංවතුර සහ වැසිජල තර්ජන පිළිබඳ සොයාබැලීමේ ක්ෂෙත්‍ර පරීක්ෂාවට ද නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එක්විය. එහිදී සිංහපුර ගංවතුර පාලනය හා වැසිජල කළමනාකරණය සඳහා ක්‍රියාත්මක කර ඇති කිත්තම්පහුව ඇල සංවර්ධන ව්‍යාපෘතිය ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. සිංහපුර ප්‍රදේශයට ඇතිවන උස අඩි 10 ඉක්මවන අධික ගංවතුර තර්ජනයට ලක්වන එහි පදිංචි පවුල් 254 කට කොලොන්නාව ‘සංහිඳ සෙවණ’ නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස ඒකක ලබාදීමට නියමිතය. නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් විසඳුම් යෝජනා කඩිනමික් ලබාගෙන මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ද මෙහිදී යෝජනා විය.

මෙම ක්ෂෙත්‍ර පරීක්ෂණ අවස්ථාවන්ට කොලොන්නාව නගරාධිපති ධම්මික විජේමුණි, එහි නියෝජ්‍ය නගරාධිපති සමන් සෙනෙවිරත්න, කොලොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් එස්.කේ. ශෂිකලා, ෆිර්දොස් මව්ලවි, රංජිත් කුමාර, ප්‍රභාත් සමීර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරු (පිරිපහදු) ඉංජිනේරු කාංචන වීරසිංහ, එහි නියෝජ්‍ය කළමනාකරු යූ.එච්.ඒ.ඒස්. ජයවීර යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටෙයි

නීති උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටී ඇති බව ඉරානය පවසයි.

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

අගෝස්තු මාසයෙන් පසු බොරතෙල් මිලෙහි අවම අගය වාර්තා කරමින්,WTI 3.9% කින් පහළ ගොස් ඇ.ඩො. 80.17 ක් ලෙස සටහන් වෙයි;බ්‍රෙන්ට් 3.5% කින් අඩුවී ඇ.ඩො. 89.37...

අනෝජන්ට සමාව දුන්නා වාගේ ඥානසාර හිමියන්ටත් සමාව දෙන්න-නාමල් රාජපක්ෂ

මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටුනොකර රටේ ජනතාවට බොරු කළා පමණක් නොව වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයටත් බොරු කියන තත්ත්වයට පත්ව තිබෙන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ජපානයේදී

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img