මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහුු නාට්‍ය කණ්ඩායම් අද(24) දින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණ තිබේ.
ලලිතා සරත්චන්ද්‍ර මහත්මියත් සමඟ පැමිණි මෙම නාට්‍ය කණ්ඩායම් මනමේ සහ සිංහබාහු වේදිකා නාට්‍යවල ජවනිකා කීපයක්ද මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා කුඩා කාලයේදී මෙම නාට්‍ය බැලීමට ගිය අවස්ථාද සිහිපත් කරමින් වේදිකා නාට්‍ය පිළිබඳව මෙහිදී සුහද කතාබහක්ද සිදුවූ බවද වාර්තාවේ.
























