පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වී තිබේ.
ඒ මීටර් 44.20ක දක්ෂතාවත් දක්වමිනි.
තමා ලබාගත් පදක්කම ගැන “අද දෙරණ” ට අදහස් දැක්වු පාලිත බණ්ඩාර මහතා,
“ඇත්තටම ලොකු බලාපොරොත්තුවකින් ආවේ. ඒත් හිතුවේ නෑ රිදී පදක්කමකට යන්න පුළුවන් වෙයි කියලා. මම මේකට මාස 6ක විතර පුහුණුවක් ලැබුවා ගෙදරත් අමතක කරලා.”






















