Thursday, November 12, 2026
HomeNEWSපාසල් විවෘත කරන්න සියලුදෙනාගේ ම සහයෝගය ඉතා වැදගත් -විශේෂඥ වෛද්‍ය චන්න ද...

පාසල් විවෘත කරන්න සියලුදෙනාගේ ම සහයෝගය ඉතා වැදගත් -විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

ජනතාව විසින් සෞඛ්‍ය මර්ගෝපදේශ නිසිලෙස අනුගමය නොකළහොත් යළිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසඳය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, යළි පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේම සහාය අවශ්‍ය බවය.

“පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත්. එය තීරණය වන්නේ රෝගය සමාජය තුළ පැතිර යෑමේ සීඝ්‍රතාවය මතයි කොපමණ ඉක්මනින් මේ පාසල් ශ්‍රී ලංකාව පුරාම සියලු දරුවන්ට සිදුකරන්න පූළුවන් ද කියන එක තීරණය වෙන්නේ. අදියර වශයෙන් මේක සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගත්තොත්, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ දරුවන් පාසල් යැවීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ සමහර ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත් වෙමින් තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය ඉතාම භයානක බවත් මෙම නිසා පසුගිය සිංහල අවුරුදු පොකුර මෙන් නැවත කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.”

එමෙන්ම සංචරණ සීමා දැමීම සහ එන්නත්කරණය හේතුවෙන් මේවන විට කොරෝනා රෝගයේ යම් පාලනයක් දකින්ට ඇති බව වෛද්‍ය චන්න ද සිල්වා මහතා පෙන්වා දුනි.

“දැනට රෝහල් තුළ ඉන්න රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් අවශ්‍යතාවය සහිත රෝගීන්ගේ අවශ්‍යතාවයේ පැහැදිලි අඩුවක් දකින්න ලැබනවා. නමුත් මෙය ඉදිරියටත් පවත්වාගෙන යෑම සියලුදෙනාගේ ම වගකීමක්. එන්නත්කරණයෙන් රෝගය 100% පාලනය කිරීම අසීරුයි. සෞඛ්‍ය පුරුදු ද 100% අනුගමනය කිරීම ඉතා අවශ්‍යයි. තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදය සමාජයේ පැතිර පවතින නිසා තත්ත්වය ඉදිරියේ දී භයානක විය හැකියි.”

මේ අතර දරුවන්ට එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් කලාපයේ අනිත් රටවල්වලට සාපේක්ෂව අපි ඉතා ඉහළ සාර්ථක ස්ථානයක සිටින බවත් තවමත් එන්නත් ලබා නොගත් දරුවන් සිටීනම් ඔවුන්ට එන්නත් ලබාදීම දෙමව්පියන්ගේ වගකීමක් බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img