Friday, August 14, 2026
HomeNEWSපාස්කු කොමිසම් වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු කොමිසම් වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු කොමිසම් වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

කමිටු සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත්කරනු ලැබීය.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. 

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත. 

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img