Saturday, August 15, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය පිළිබඳ කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, සිය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීම සඳහා අද දිනයේ වේලාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කැබිනට් අනු කමිටුව පසුගිය පෙබරවාරි මස 19 දින පත්කරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබුණි.

මාර්තු 15 වන දිනට පෙර අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණ ද ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් කැබිනට් අනු කමිටුව විසින් අද දිනය දක්වා කල් ලබාගනු ලැබීය. 

ඒ අනුව මේ වන විට සිය කැබිනට් අනු කමිටුව වාර්තාව සකස් කර අවසන් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා “අද දෙරණ“ට සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img