Friday, November 13, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ කාර්යභාරය ගැන පැහැදිලි කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ කාර්යභාරය ගැන පැහැදිලි කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සඳහා, වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සම්මත යුක්තිය පසඳලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති අතර කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම කමිටුවේ කාර්යය භාරයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මකවිය යුතු ආකාරය වාර්තා කිරීම කමිටුවට පැවරී ඇති වගකීම බව පෙන්වා දෙයි.

කෙසේවෙතත් කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකයින් දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පදනම් කරගනිමින් තෝරා  පත්කරගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img