Friday, August 14, 2026
HomeNEWSපාස්කු වාර්තාවෙන් තමන් ගැන කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා බදියුදීන් අල්ලස්...

පාස්කු වාර්තාවෙන් තමන් ගැන කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා බදියුදීන් අල්ලස් කොමිසමට

පාස්කු වාර්තාවෙන් තමන් ගැන කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා බදියුදීන් අල්ලස් කොමිසමට

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම තමන් සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නිර්දේශකර ඇති විමර්ශනය කඩිනම් කරන්නැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි. 

ඔහු එම ඉල්ලීම කරනු ලැබුවේ අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලීමක් ඉදිරිපත් කරමිනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද දහවල් පැමිණ සිය ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළේය.

පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර මියගිය ඉන්සාෆ් අහමඩ්ට අයත් “කෝලෝසස්” නමැති පෞද්ගලික සමාගම වෙත එවකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවති කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සම්මතයන්ට පටහැනිව තඹ ඇතුළු අබලි ද්‍රව්‍ය නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළයුතු බවට පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශකර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අදාළ විමර්ශනය සිදුකරන ලෙසට ද නිර්දේශකර ඇති අතර, එය කඩිනම් කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම අද ඉදිරිපත් කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img