Thursday, July 2, 2026
HomeNEWSLatest Newsපැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ......

පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ……

පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ……

පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ……

මත්ද්‍රව්‍ය උවදුරෙන් ළමා පරපුර බේරා ගන්නවා.

මුළු රටටම පිරිසිදු පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙළක් හදනවා.

පරිසරයට හානිවන කර්මාන්ත ඉදිකිරීම නැවැත්වීමට පියවර ගන්නවා.

රබර් කර්මාන්තය නගා සිටුවනවා.

රැකියා උත්පාදනය කිරීමේ අරමුණින් ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා උපරිම සිසුන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට පියවර ගන්නවා.

-​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

තම රජයක් යටතේ පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත් අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (2020.07.05) පෙරවරුවේ තිස්සමහාරාම, සේනපුර  ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

පසුගිය යහපාලන රජය විසින් පැහැදිලි සාක්ෂියක් නොමැතිව විපක්ෂයේ අය අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ වැරදි ක්‍රියාමාර්ග ගැන මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු හේතුවක් මත රජයේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය. 

අද අපි රැකියා ප්‍රශ්න ගැන කතා කරනවා. අපි පිට රටකට ගියාම දකිනවා මේ පළාතේ තරුණ තරුණියෝ විශාල වශයෙන් ඒ රටවල රැකියා කරන ආකාරය. කොරියාව පිරිලා තියෙන්නෙ අපේ තරුණ තරුණියන්ගෙන්. ජපානයට ගියත් මැද පෙරදිගට ගියත් ලංකාවේ තරුණ තරුණියෝ ඒ රටවල රැකියා කරන ආකාරය දකින්න ලැබෙනවා. අපේ රටේම රැකියා උත්පාදනය කරන්න නම් මහාමාර්ග, විදුලිය, ජලය සහ හොඳ පරිසරයක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ආයෝජකයෝ අපේ රටට එන්නේ නැහැ. 

අධිවේගී මාර්ගය, ගුවන්තොටුපොළ, වරාය වගේ දේවල් අපි හැදුවේ ඒකටයි. දැන් කර්මාන්තපුරයක් හදනවා. මේ වෙනකොටත් ඖෂධ නිෂ්පාදන සමාගමක් සහ ටයර් නිෂ්පාදන සමාගමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදි කරන්න මුල් පියවර අරගෙන තියෙන්නේ. ඒ කර්මාන්තශාලාවලට අවශ්‍ය රබර් ප්‍රමාණයෙන් සියයට තිස්පහක් ගන්නේ අපේ ලංකාවෙන්. දැන් ලංකාවේ රබර් වලට හොඳ මිලක් නැති නිසා, නැවත රබර් කර්මාන්තය ගොඩනංවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. 

රැකියා උත්පාදිත කර්මාන්ත ඇති කිරීම පරිසරයට හානි නොවන ආකාරයෙන් සිදුකිරීමත් අපේ වගකීමක්. පරිසරයට හානිවන කර්මාන්ත වහාම අත්හිටුවා පරිසරය රැක ගනීමත් අවශ්‍යයි. මම ඒ සඳහා කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. පරිසරය රැක ගැනීම හැමදෙනාගේම වගකීමක්. 

උතුරු නැගෙනහිර ප්‍රදේශය ඇතුළු ලංකාවට මේ වෙනකොට සීයට සීයක් විදුලිය ලබාදීලා අවසන්. අපේ ඊළඟ ඉලක්කය වන්නේ මුළු රටටම පිරිසිදු පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමයි.  උතුරු නැගෙනහිර හෝ වේවා බටහිර හෝ වේවා කන්ද උඩරට හෝ වේවා හැම පළාතක් ම ශක්තිමත් හෝ දියුණු කළ යුතුව තිබෙනවා. 

පළාතක් විතරක් දියුණු කරලd රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ. උතුරු නැගෙනහිර ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා කලපුවකින් අක්කර 20ක ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. එහි ආරම්භ කෙරෙන පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය තුළින් කලපුව වැසි ජලයෙන් පුරවා පිරිසිදු පානීය ජලය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඡන්දය දුන්නත් නැතත් පළාතකට වෛර කරන්න බැහැ. සෑම පළාතකටම අපෙන් වියයුතු යුතුකම් ඉටු කරනවා. 

අද තරුණ පිරිස හුඟක් බුද්ධිමත්. ඔවුන් වෙනත් කෝණයකින් සමාජය දෙස බලනවා. මත්කුඩු වසංගතය රටේම බෝවෙලා. පාසල් දරුවන් මේ සඳහා යොදවා ගැනීම ඛේදවාචකයක්. දෙමව්පියන් මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. තමන්ගේ සහෝදරයා, තමන්ගේ දරුවා ගැන සෙවිල්ලෙන් ඉන්න. මත්ද්‍රව්‍ය වසංගතය රටින් තුරන් කරන්න අපි තදින් ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා.  මේ වෙනකොට දකුණු අතින් අල්ලගත්ත කුඩු ටික වම් අතින් විකුණපු අය ගැන විශේෂ පරීක්ෂණයක් කෙරෙනවා ඒ පිළිබඳව ඔබ වැඩිදුර විස්තර දන්නවා ඇති කියලා මම හිතනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හොඳ අවබෝධයකින් සිටින කෙනෙක්. ඒ නිසාම මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වුණත් ඉතා හොඳින් කෙරෙන බව අපිට පැහැදිලියි.  කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව රජයේ සේවකයින් අත්අඩංගුවට ගන්න එපා කියලා මම කියලා තියෙනවා. අපිට කරපු වැඩේ අනිත් අයට කරන්න එපා.  කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව අපේ සාමාජිකයෝ, රජයේ සේවකයෝ  පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගත්ත හැටි, නීතිය  වැරදියට ක්‍රියාත්මක කරපු හැටි අපි දැක්කා. ඒ වගේ දෙයක් ආයෙමත් සිදුවෙන්නේ නැහැ.    

හම්බන්තොට වරාය විකුණන එකට අපි විරුද්ධ වුණා. මේක ඔබේ දරුවන්ගේ සම්පතක්. බදු දෙන එක වෙනම දෙයක්. වසර දහයකට පහළොවකට වුණත් කමක් නෑ. නමුත් අවුරුදු අනූ නවයේ දෙකකට වරාය විකුණන එක නම් අනුමත කරන්න බැහැ. වරාය නගරයට කරලා තියෙන්නෙත් ඒකයි. අවුරුදු දෙසීයක් යනකල් අපිට වරායෙන් ආදායමක් නැහැ. හම්බන්තොට වරාය විකුනපු සල්ලි කොහේ ගිහිල්ලා ද දන්නෙත් නැහැ. අපි ඒ ගැන හොයනවා.

වෛද්‍ය විද්‍යාලයට උපරිම සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කරගන්න අපි පියවර ගන්නවා. ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරී වැඩපිළිවෙළ නිසා ඇමතිවරුත් අද එදාට වඩා හොඳට තීරණ අරගෙන වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. හැම කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව ම ජනාධිපතිවරයා හොඳ අවධානයෙන් සහ දැනුවත්භාවයකින් සිටින බව පේනවා.  

එක්සත් ජාතික පක්ෂයේ විශාල කොටසක් මේ වෙන කොට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා . අපිට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න බැහැ.  මැතිවරණයකදී සියලු ඡන්ද එකතු කරගන්න ඕන. ඔවුන් ඉවත් කිරීම වෙනුවට ළංකර ගැනීමයි සිදුකළ යුත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img