
පුද්ගලයෙක්ව පැහැරගෙන ගොස් කප්පම් ගත් අය අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් බව පවසා ග්‍රෑන්ඩ්පාස් – මෝලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව වාහනයකින් පැහැර ගෙන ගොස් රුපියල් 100,000ක කප්පම් මුදලක් ලබාගත් තිදෙනෙකු අත්අඩංතුවට ගෙන තිබේ.
පසු ගිය 21වනදා මෙම පැහැර ගැනීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
පැහැරගත් පුද්ගලයාව සැකකරුවන් විසින් මාබෝල ප්‍රදේශයේ නිවසක හිරකර තබාගෙන මුදල් රුපියල් 100,000ක් ඉල්ලා නිවැසියන්ට දුරකථන ඇමතුමක් ලබාදී පොලීසියට නොදන්වන ලෙස ද බිය ගන්වා ඇත.
පසුව පැහැර ගැනීමට ලක්වූ අයගේ බිරිඳ විසින් රුපියල් 100,000ක් ඔවුන් විසින් සඳහන් කරනලද පුද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර තිබේ.
පසුව පැහැරගත් පුද්ගලයාට රුපියල් 1,000ක් ලබා දී ඔහුව මාබෝල ප්‍රදේශයේ දී මාර්ගයට ගෙනැවිත් දමා ගොස් තිබේ.
පසුව එම පුද්ගලයා නිවසට පැමිණ ඇති අතර, පොලීසියට නොදන්වා සිට ඇත.
පසුව ඊයේ (29) ඒ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්, මුදල් තැන්පත් කළ ගිණුම් හිමියා සහ ඇමතුම් ලබාදුන් දුරකථන අංකය ඔස්සේ විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 35 සහ 44 වයසැති පුද්ගලයින් තිදෙනෙකි.
සැකකරුවන් අද (30) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






















