Thursday, November 12, 2026
HomeNEWSපොතුහැරින් වාර්තා වූ පීතෘ ඝාතනය

පොතුහැරින් වාර්තා වූ පීතෘ ඝාතනය

පොතුහැර, බෝයගනේ ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය පියාගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ 65 හැවිරිදි බෝයගනේ පදිචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුහැර පොලීසියේ ප්‍රකාශයෙකු පැවසුවේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම ඝාතනය  සිදුකර ඇති බවය.

මේ අතර, පසුගිය පැය 24ක කාලය තුළදී  තවත් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

තිස්සමහාරාමය, සඳගිරිගම ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් ඊයේ පොලු පහරකට ලක්වී මියගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ සැකකරු ඇයගේ අනියම් සැමියා බවය.

මේ අතර හිදෝගම, හිනාබෝවාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන්  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අනුරාධපුරය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img