පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වට්ටන්න, කඩාකප්පල්කාරී ක්‍රියාවලියට ඉඩ දෙන්නේ නැහැ.ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා.2025.03.24 දින ගාල්ල-මාතර ප්‍රධාන මහාමාර්ගයේ දී බස් රථ රියදුරෙකුට පහරදීමට සම්බන්ධ සියළු සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විෂයය භාර නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ සහ අනුබල දුන් ලොරි රථ රියදුරු, ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු වගකිවයුතු සියළු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසී ය.එමෙන්ම පසුගිය 22 වන දා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර පිළිබඳව ද විමර්ශන සිදුකර ඇති බව ද පැවසීය. එම බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පුවත පිළිබඳව තහවුරු වී නොමැති බවට අණාවරණය වී ඇත. බස් රථ වල අධික වේගය අනතුරට ප්‍රධාන හේතුව බවට වාර්තා වී ඇත. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපරිම මැදිහත්වීමෙන් මාර්ග ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනු ලබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය






















