මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් බල ප්‍රදේශ 04ම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ග්‍රාම නිලධාරී වසම් තුනක් ද මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබදලව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙළමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.






















