Thursday, September 3, 2026
HomeNEWSපොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් -මහජන ආරක්ෂක ඇමති.

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් -මහජන ආරක්ෂක ඇමති.

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින බවය.ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.මේ අතර, පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට ද උසස්වීම් ලබාදීමට නියමිත බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img