Tuesday, July 28, 2026
HomeNEWSLatest Newsපොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

පොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

පොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී රජයට අති බහුතර ජන බලයක් ලබාදී තිබෙන බවත් එම ජනතා තීන්දුවට හිස නමා ගරු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද සවස ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. විපක්ෂයේ සියලුම පක්ෂ ල ඡන්ද එක්කල ද රජය ලබාගෙන තිබෙන ජයග්‍රහණයට ළඟා විය නොහැකි බවත් අති බහුතර බලයක් හිමිකරගත් රජය සිදුකරන කටයුතු ගැන හොඳ අධීක්ෂණයකින් සිටින බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ යුතු නොවන බවත් ජනාධිපතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා මිලියන ගණනකින් පරාජය වූ බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංස්කරණයට වඩා සිදු කළ යුත්තේ නීති රීති තදින් ක්‍රියාත්මක කිරීම බවත් පරාජය යනු ජයග්‍රහණයේ මාවත යැයි සිතා ඉදිරියට කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img