Sunday, November 8, 2026
HomeNEWSපොහොට්ටුවේ ජී.එල් ඇතුළු පිරිසක් විපක්ෂයට

පොහොට්ටුවේ ජී.එල් ඇතුළු පිරිසක් විපක්ෂයට

රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් 13 දෙනා අද සිට ස්වාධීව කටයුතු කරනු ඇත.

“මේ ගෙන යන වැඩපිළිවෙල අන්තර් කාලීන වැඩපිළිවෙලක් ලෙස පිළිගත්තා. මෙය පාර්ලිමේන්තුවේ සුජාතභාවයට බලපාන දෙයක්. එය අවසානයේ දී මැතිවරණයක් පැවැත්විය යුතුයි. මේ රටේ පරමාධිපත්‍ය අයිති වන්නේ අපි කාටවත් නෙමෙයි. සාමුහික වශයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් නෙමෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යයේ හිමිකාරීත්වය අයිති වෙන කවුරුත් නෙමෙයි රටේ ජනතාව. ඒ පරමාධිපත්‍ය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට තියෙන ක්‍රමවේදය තමා සර්ව ජන ඡන්ද බලය. සර්ව ජන ඡන්ද බලය කියන්නේ අපිට නුහුරු දෙයක් නෙමෙයි. 1938 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ක්‍රමයේ සිට අඛණ්ඩව ඡන්ද බලය මේ රටේ ජනතාව භුක්ති වින්ඳා. ඒ කොහොමවත් අහිමි කරන්න බෑ කථානායකතුමනි. කාගේවත් වාසියට ඒක උදුරාගන්න බෑ මේ රටේ ස්වෛරී ජනතාවගෙන්. කෙටි කාලීන වැඩපිළිවෙලකින් පසුව ජනතාව ඒ අයිතිය නැවත ලබාදිය යුතුයි. කැමති කෙනෙක් පත්කර ගන්න. ජනතාවගේ බලාපොරොත්තුව අනුව අභිනව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට. ඒ අයිතිය ජනතාවට අපි අනිවාර්යයෙන් ලබාදිය යුතුයි. 

ඉස්සෙල්ලාම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙමෙයි. ඊට කලින් තවත් මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමා පළාත් පාලන ආයතන මැතිවරණය. අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්න කිසිසේත් උත්සාහ කරන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම උසාවි ගියා. සාගර කාරියවසම් මහතාත් උසාවි ගියා. උසාවිය කිව්වා ඔව් මැතිවරණ පවත්වන්න ඕනේ ඒක තමා රටේ නීතිය කියලා. නොයෙක් උප්පරවැට්ටි නිසා ඒ මැතිවරණය පැවැත්වුවේ නෑ. මේ රටේ තියෙන වාතාවරණය අනුව එවැනි උප්පරවැට්ටියක් කිසිසේත් සාර්ථක වෙන්නේ නෑ. මම ඉතාම වගකීමෙන් කියනවා කථානායකතුමනි, ඒ විදියේ උත්සාහයක් දැරුවොත් ඒ වෙනුවෙන් අපි නැගී සිටිනවා. දේශපාලන තලයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා අධිකරණය හමුවෙත්. 

මේ සියලුම තත්ත්වයන් තුළ අපි තීරණය කරලා තියෙනවා අද සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට. මේ රජය ජනතා හිතවාදී වැඩක් සිදුකරන්නේ නම්, ඒ සියල්ලට නොමසුරු සහාය ලබාදෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img