රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එහි මහලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්රකාශය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලමින් එම පක්ෂ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ලිපියක් යොමුකර තිබේ.
මේ වනවිට පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බව එලෙස සාගර කාරියවසම් මහතා ඊයේ (15) පවසා තිබුණි.
ඒ සම්බන්ධයෙන් ප්රශ්න 6ක් යොමු කරමින් මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මෙලෙස පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.























