Sunday, November 22, 2026
HomeNEWSබංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස ජනපතිට ආරාධනාවක්

බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස ජනපතිට ආරාධනාවක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස, එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිදු කරන ලද නිල ආරාධනය, බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා විසින් අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ඇතුළු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බවත්, එම වැඩපිළිවෙළෙහි ආදර්ශය බංග්ලාදේශයටද වැදගත් වනු ඇති බවත් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කර ගනිමින්, ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර, දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියුතු දේශීය සමාගම්වලට, බංග්ලාදේශයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Salahuddin Mahmud, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් Shah Asif Rahman සහ එම අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ සහකාර ලේකම් Rafid Mahbub Ahmad යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026.11.18

බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස එරට අග්‍රාමාත්‍යවරයා කළ නිල ආරාධනය ජනපතිට භාර දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ ඇමති

සෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි යාපනය, සෙම්මනි සමූහ මිනීවළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img