විදේශ කටුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක අතර හමුවක් අද(01) බංග්ලාදේශයේදී සිදුවිය. එම හමුවෙන් අනතුරුව සිය X ගිණුමේ අමාත්‍යවරයා තැබූ සටහන පහත සඳහන් වේ.අද (01,)මම බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් මහතා හමුවුණා. මෙම හමුව අතරතුර, හිටපු අගමැතිනි බේගම් ඛලීඩා සියාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කළා. එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෑත කාලීන ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට දැක්වූ සහාය සහ සහයෝගීතාවය පිළිබඳව ද ශ්‍රී බංග්ලාදේශ රජයට සහ ජනතාවට අවංක කෘතඥතාව පළ කළෙමි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මිත්‍රශීලී සහ දිගුකල් පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය නැවත තහවුරු කිරීමට ද මෙම හමුව අවස්ථාවක් විය.

























