Thursday, November 12, 2026
HomeNEWSබණ්ඩාරවෙල මනාල යුවළකට කොවිඩ් - සමීපතමයින්ට PCR පරීක්ෂණ

බණ්ඩාරවෙල මනාල යුවළකට කොවිඩ් – සමීපතමයින්ට PCR පරීක්ෂණ

බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු සමීපතම ඥාතීන් කොවිඩ් -19 ආසාදිතයින් ලෙසට තහවුරු වී තිබේ.

බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව එම විවාහ උත්සවයට සහභාගී වු පුද්ගලයින් දසදෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (29) දිනයේ දී සිදුකළ බවය.

මේ අතර, එම ප්‍රදේශයේ මුල්‍ය ආයතන 5කට අධික ප්‍රමාණයක ආසාදිතයින් 30ක් පමණ වාර්තා වී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පුත්තලම, කල්පිටිය, ආණමඩුව සහ හලාවත ප්‍රදේශවලින් අද (30) පෙරවරුව වන විට කොවිඩ් ආසාදීතයින් 32ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

කල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත.

මේ අතර ආණමඩුව නගරයේ පවත්වා ගෙන යන පුද්ගලික මූල්‍ය ආයතනයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

එම ආයතනයේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වීම ඊට හේතුව වී ඇත.

මේ අතර, හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

හලාවත මහ රෝහලේදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇත.

ආසාදිත වෛද්‍යවරයා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.

මේ අතර, ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍යව තඹුත්තේගම රෝහලට මාරුකර යැවූ කාන්තාවක් එහිදී මරණයට පත්වී ඇති බව වාර්තා වේ.

එම කාන්තාවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතයෙක් බවය.

එය වාර්තාවීමෙන් පසු ඊයේ සවස ගිරිබාව රෝහල තාවකාලිකව වසාදැමීමට බලධාරීන් කටයුතු කළේය.

එම රෝහලේ නේවාසික රෝගීන් ආසන්න වෙනත් රෝහල් වෙත යොමුකර ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img