Monday, September 21, 2026
HomeNEWSබණ්ඩාරවෙල රජ්‍ය ආයතන කිහිපයක කොවිඩ් ආසාදිතයින්

බණ්ඩාරවෙල රජ්‍ය ආයතන කිහිපයක කොවිඩ් ආසාදිතයින්

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකාව වසා දමා තිබේ.

ඒ එහි නිලධාරීන් දෙදෙනෙක් ආසාදිතයින් බවට තහවුරුවීමත් සමගය.

එමෙන්ම ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේ පිහිටි තවත් ආයතන 2ක් ද වසා දැමුණේ එහි නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනයවීම හේතුවෙනි.

මීට අමතරව බණ්ඩාරවෙල තේ මණ්ඩල කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුට සහ සාමාන්‍ය සේවකයෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද (06) සහ හෙට (07) දෙදින තුළ එම කාර්යාලය වසා දැමීමට තීරණය විය.

මේ අතර රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල සහ පෞද්ගලික ආයතනවල කොවිඩ් මාර්ගෝපදේශ රෙගුලාසි උල්ලංඝනය කරමින් විවිධ උත්සව සංවිධානය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

දිනෙන් දින වැඩිවන කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කෙරෙමින් පවතී.

ඒ අනුව මැදගම ප්‍රාදේශීය රෝහල ද කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් වෙන් කර තිබේ.

එමෙන්ම බුත්තල ප්‍රාදේශීය රෝහල සහ වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානයත් විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කෙරෙමින් පවතී.

මෙම කොවිඩ් රෝහල් 3 සඳහා මොණරාගල ව්‍යාපාරික ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රෙදි සෝදන යන්ත්‍ර 16 ක් පරිත්‍යාග කිරීම ඊයේ සිදුකෙරුණි.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’  කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (06) ආරම්භ කෙරුණි.

ඒ, ගොතටුව ප්‍රදේශයේදීය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නතේ  පළමු තොගය පසුගිය 04 වනදා මෙරටට රැගෙන එනු ලැබීය.

එම එන්නත් තොගය මාත්‍රා 15,000 කින් සමන්විතය.

ඒ අනුව ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img