Thursday, November 12, 2026
HomeNEWSබදියුදීන්ගේ සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් ඉදිරියට

බදියුදීන්ගේ සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් ඉදිරියට

මැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී වෛද්‍යවරයෙකුට අපහාස කිරීම,මරණ තර්ජන එල්ල කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙකු යටතේ සිදු කරන ලද බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

එහි සඳහන් කරනු අනුව මෙම සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

බන්ධනාගාර ආඥා පනතේ 87/1 වගන්තිය යටතේ බන්ධනාගාරය තුළදී යම් වරදක් සිදු කළ අයෙකුට බන්ධනාගාර විනිශ්චය සභාවක් ඉදිරියට පැමිණවීමට බලය පවතින බවද  මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

මහෙස්ත්‍රාත්වරයෙකුගේ මූලිකත්වයෙන් එහි නඩු කටයුතු මෙහෙයවනු ලබන බවත් ඉදිරියේදී මෙම සිද්ධියට අදාළව ස්වාධීන තීරණයක් ගැනීම සිදුවෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img