බැග්ඩෑඩ් නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්
ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
එම බෝම්බකරුවන් දෙදෙනා පුපුරවා ගැනීමට පෙර ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී පුපුරවා ගෙන තිබේ.
වසර දෙකක පමණ කාලයක දී බැග්ඩෑඩ් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එය වේ.






















