Saturday, October 24, 2026
HomeNEWSබැසිල්ගේ අමාත්‍යාංශයට අයත්වන රාජ්‍ය ආයතන සහ විෂයපථය

බැසිල්ගේ අමාත්‍යාංශයට අයත්වන රාජ්‍ය ආයතන සහ විෂයපථය

අද (08) උදෑසන බැසිල් රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර, මුදල් අමාත්‍යාංශයට අයත්වන විෂයපථය සහ රාජ්‍ය ආයතන මේ වන විට ගැසට් කර තිබේ.

එහි විෂයපථය වන්නේ, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා ආයෝජන, රාජ්‍ය ණය බැංකු, මුල්‍ය හා රක්ෂණ කටයුතු ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ සහ ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීමය.

එම අමාත්‍යාංශයට අයත් වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ආයතන පහත පරිදි වේ.

01. භාණ්ඩාගාර කටයුතු

*මහා භාණ්ඩාගාරය
*රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
*ජාතික අයවැය දෙපාර්තමේන්තුව
*කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
*විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
*රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
*භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
*රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
*වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
*තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
*නීති කටයුතු දෙපාර්තමේන්තුව
*කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
*සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව

02. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු‍

*දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
*ශ්‍රී ලංකා රේගුව
*සුරාබදු දෙපාර්තමේන්තුව
*ජාතික ලොතරැයි මණ්ඩලය
*ජාතික ලොතරැයි මණ්ඩලය 
*සංවර්ධන ලොතරැයි මණ්ඩලය
*ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

03. බැංකු මුල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු

*ශ්‍රී ලංකා මහබැංකුව
*සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය
*ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
*ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
*ණය තොරතුරු කාර්යාංශය
*සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
*ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
*ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

04.අරමුදල් ප්‍රතිපාදන

*ලෝහෝර් ආර්යා අරමුදල
*වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල
*ජාතික රක්ෂණ භාර අරමුදල
*සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
*ශ්‍රම වාසනා අරමුදල
*ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
*වකුගඩු අරමුදල
*තේ ශක්ති අරමුදල
*කප්රුක අරමුදල
*රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල
*බුද්ධ ශාසන අරමුදල
*බෞද්ධ පුනරුද අරමුදල
*සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
*දේශීය ණය සහ සංවර්ධන අරමුදල
*නිමැයුම්කරුවන්ගේ අරමුදල
*තුරුසවිය අරමුදල
*මධ්‍යම සංස්කෘතික අරමුදල

05.ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන

*විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
*වනජීවි භාරය
*ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
*අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
*මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය
*සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස් 
*දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img