Thursday, November 12, 2026
HomeNEWSබැසිල්ට හිතවත් අතකොලු යොදා ගෙන රට බංකොලොත් වුණ හේතු හොයන්න බැහැ-සජිත් ප්‍රේමදාස.

බැසිල්ට හිතවත් අතකොලු යොදා ගෙන රට බංකොලොත් වුණ හේතු හොයන්න බැහැ-සජිත් ප්‍රේමදාස.

බැසිල්ට හිතවත් අතකොලු යොදා ගෙන රට බංකොලොත් වුණ හේතු හොයන්න බැහැ විපක්ෂයේ අපි ස්වාධින කාරකසභාවක් ඇති කරමු
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් යෝජනාවක්.

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බේරා ගැනීම මේ තුළින් සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණ විරෝධි පනත සම්මත කිරීම තවත් සති 2 කින් කල් දැමීමට බැසිල් රාජපක්ෂගේ පක්ෂපාතී පිළ කටයුතු කළත් කෙසේ හෝ මෙය සම්මත කර ගත් බවත් පුන පුනාම මේ උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොලුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) විපක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවේ එය අමතමිනි.

එබැවින් මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු පළක් නොවන හෙයින් විපක්ෂය විසින් එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩ ගැනීමට කටයුතු කිරීමට එක්වන ලෙසත් කතානායකවරයා පවා පවසා ඇත්තේ විපක්ෂයට එවැනි හැකියාවක් ඇති බවත් එම කාරක සභාවට පාර්ලිමේන්තුවේ 225 ඕනෑම අයකුට පැමිණිය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

NEWS CLIP ♦️ https://youtu.be/j3KQnqs_kmQ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img