Thursday, November 12, 2026
HomeNEWSබැසිල්වම ඕනෑ යැයි කියමින් ගෝඨාභයයි මහින්දයි ෆේල් කියා ආණ්ඩුවේ අය නොකියා කියනවා...

බැසිල්වම ඕනෑ යැයි කියමින් ගෝඨාභයයි මහින්දයි ෆේල් කියා ආණ්ඩුවේ අය නොකියා කියනවා .


බැසිල්ව ගේන්න ඕන කියන අය නොකියා කියනුයේ ගෝඨාභයත් මහින්දත් ෆේල් කියන එක යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  (28 දා) කළුතරදී ප‍්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ උතුරු කළුතර පිහිටි ජවිපෙ පක්‍ෂ කාර්යාලයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

අද තෙල් මිල වැඩිවීමේ ප‍්‍රශ්නයත් පොහොර ප‍්‍රශ්නයත් යටපත්වී මාධ්‍යවල සිරස්තල බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්‍ෂගේ ආගමනයයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය කියන්නේ බැසිල් අලූත් පක්ෂයක් හදා පළාත් පාලන ඡුන්දයත් දිනා ආණ්ඩුවක් හැදූ බව හා ඒ වගේම මුදල් ඇමැතිකම අරන් රටත් ආර්ථිකයත් හදන බවයි. පක්‍ෂ හදන එක ආණ්ඩු හදන එක දේශපාලන වැඩක්. ඒත් ආර්ථිකය හදන එක හා රට හදන එක වෙනම වැඩක්.

ඔය වැඬේට රාජපක්‍ෂ පවුලේම කෙනෙක් ඕන නම් හොඳම කෙනා ඬේසි ආච්චියි. කොහෙන්දෝ හම්බ වෙච්ච මැණික් මල්ලකින් මුනුපුරාට වටිනා ඉඩමක් හා නිවසක් අරන් දීමේ හැකියාව ඇයට තිබුණා.

ඒ වගේම කොරෝනා වැළැක්වීම සාර්ථක වැඩපිළිවෙළක් රජයට නැහැ. එන්නත්කරණය රෝගය වළක්වා ගැනීමේ සාර්ථක උත්සාහයක් බව අපද පිළිගන්නවා. ඒත් එක් එක් වර්ගයේ එන්නත් රටට ගෙන්වීමේදී අනුගමනය කරන ක‍්‍රියාවලිය ගැටලූ සහගතයි. මේ සඳහා වැය කරන්නේ මහජන මුදල්.

පසුගිය කාලයේ ගෙන්වූ එන්නත් අප රටට මිලදී ගෙන ඇත්තේ වෙනත් රටවල ගන්නවාට වඩා වැඩි මිලකට. ඉදිරියේදී චීනයේ සිනොවැක් එන්නත මිලියන 13 ක් ගේන්න යනවා. ඒවායේ මිල හෙළිදරව් නොකරන ලෙස එම ගිවිසුමේ සඳහන් කර තිබෙනවා. මිල හෙළි කළහොත් එන්නත් ලබා නොදෙන බවත් නීතිමය ක‍්‍රියාවලියකට යන බවත් ගිවිසුමේ සඳහන් කර තිබෙනවා. අප රටට මේ එන්නත් ගෙන එන්න යන්නේ ඔය කියන කොන්දේසිවලට එක`ග වෙලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img