Sunday, November 8, 2026
HomeNEWSබිම්ස්ටෙක් සමුළුව අද කොළඹ දී ඇරඹෙයි

බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ දී ඇරඹෙයි

පස්වන බිම්ස්ටෙක් සමුළුව අද (28) කොළඹ දී ආරම්භවීමට නියමිතය.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සමුළුව පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්යය එස්. ජයශංකර් මහතා ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණියේය.

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා ද පසුගිය දා දිවයිනට පැමිණ තිබුණි.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය හා ශ්‍රි ලංකාව යන රටවල නායකයින්ගේ  සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන සැසිවාරයේ ප්‍රධානත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොඹවන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

රාජ්‍ය නායක සැසිවාරයට පෙර සමාජික රටවල් වල අමාත්‍යවරුන් සහ  නියෝජිතයින් විසින් බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.

මෙහිදි  බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කරන අතර කලාපීය ගැටලු පිළිබඳ අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.

ලබන 30 වන දින දක්වා මෙම සමුළුව පැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img