එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පසුගිය ඉරිදා (08) ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවිධානය කර තිබූ පොකුරු රැස්වීම් අමතා සිදුකළ කතාව බොරු පොරොන්දු වලට හසුවන්න එපා, සිහිබුද්ධියෙන් ඡන්දය භාවිතා කරන්න..එ.ජා.ප. සභාපති – වජිර අබේවර්ධන ජනාධිපති මැතිවරණය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙලා හමාරයි. කිසිකෙනෙක් තරහයින් කෝපයෙන් ඡන්ද පොළට යන්න එපා. එක මහා අපරාධයක් . ඡන්ද පොළට ගිහින් සිහි කල්පනාවෙන් යුතුව රනිල් වික්‍රමසිංහ කියන නායකයාට ඡන්දය පාවිච්චි කළ යුතුයි. එම ඡන්දයෙන් ඔබත් රටත් දෙකම සුවපත් වෙනවා. එසේ නොකොළොත් ඔබේ දරුවාගේ අනාගතයත් විනාෂ වෙනවා.මම පසුගිය ඡන්දයේදී කිව්වා රනිල් පරද්දන්න එපා කියලා. නමුත් ඔබ අපිවත් ගෙදර යවලා අපේ නායකතුමාවත් ගෙදර යවලා, පෝලිම්වලට ගියා. කමක් නෑ දැන් ඒ වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපි කාටවත් දැන් බැනලා වැඩක් නැහැ. ඔබ කල්පනාවෙන් යුතුව වැඩ නොකළොත් විනාෂ වෙන්නේ ඔබත් ඔබේ දරුවාගේ අනාගතයත් රටේ පැවැත්මත් පමණි.ඔබ මට ඡන්දය දීල තියෙනවා. මට මැතිඇමතිකම් ලබලා දීල තියෙනවා. ඇතැම් අවස්ථා වලදී මාව පරාජය කරලා ගෙදර යවලත් තියෙනවා. මම 2020 දී මේ ප්‍රදේශයට ඇවිත් කිව්වා මාව දිනවන්න. රනිල්ගේ ආණ්ඩුව දිනවන්න කියලා. පැරද්දුවොත් සිදුවන විනාෂය තේරුම් බේරුම් කරලා දුන්නා.නමුත් අපි කිව්ව දේවල් මහජනතාව ඇසුවෙ නැහැ.. ඒ නිසා ඔබ කල්පනාවෙන් වැටහීමෙන් ඡන්දය පාවිච්චි කළයුතුයි. මෙම අවස්ථාවේදී ජනතාව යළිත් රට වට්ටන්නෙ නැතිව කල්පනාවෙන් ඡන්දය පාවිච්චි කරල ජනාධිපතිවරයා දිනවන්න කටයුතු කරන්න.කවුරු හරි පොරොන්දු ගොඩක් ලියලා කොළයක් දිලා ඔවුන්ට ඡන්දය දෙන්න කියලා කිව්වට කවදාවත් ඒ පොරොන්දු ඉටු කරන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් ඔබට සිදුකරන්නේ විශාල බොරුවක්. අපේ අරමුණ කවුරුවත් ඉවත් කරන්න, කොන් කරන්න නොවෙයි එකතු කර ගන්න. දැනට තිබෙන ක්‍රමය වෙනස් වුනොත් අනාගතයේ දී ගාල්ල බස් නැවැතුම්පොළ වටකරෙගන ගෑස් ටැංකි තියාගෙන පෝලිම් වල ඉන්න පුළුවන් වේවි.කවුරුත් ඒ අඳුරු යුගයට ආයෙත් යන්න තියා හිතන්නවත් ඒපා. සමහරු ෆේස්බුක් වල අපට අම්මා, මුත්තා මතක් කරලා බනිනවා එහෙම බැනලා රටේ ගමේ නගරයේ ප්‍රශ්ණ විසඳෙනවනම් කමක් නැහැ. එයින් සිදුවන්නේ බනින අයගෙ සිත් දූෂණය වෙලා ලේ නරක් වෙලා නරක ලෙඩ හදාගන්න ඒක . ඒයින් කාටවත් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. මේ ටික වටහගෙනයි දේශපාලනය කළ යුත්තේ, ඡන්දය පාවිච්චි කළ යුත්තේ. මෙය අවබෝධ කර නොගෙන ඔබ කටයුතු කරන්නේ නම් අනාගතය අදුරු වේවි. රට අගාධයට යාවි.මේ යන මාර්ගය වෙනස් කළහොත් නැවත වරක් ඔබට පෝලිම්වල සිටින්නට වේවී. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තේ කිසි කෙනෙක් බාර නොගත් රටක්. ඔවුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ මේ රට ගොඩගන්න පුලුවන් කියලා. අද ඔවුන් වේදිකා උඩට නැගලා ඡන්දය ගන්න බොරු විශාල ප්‍රමාණයක් ඔබ හමුවේ කියනවා. නමුත් රට වැටුණු වෙලාවේ විපක්ෂනායකවරයා රෝහල්ගත වෙලයි හිටියේ.ඉතින් ඔබ හිතනවද මේ වගේ අයට රටවල් කරන්න පුලුවන් කියලා. ඔවුන් ප්‍රශ්නයක් ආවම නැවත වරක් දාලා දුවයි. ඒ නිසා ඔබ බොහොම කල්පනාවෙන් මේ ගැන සිතා ඔබේ වටිනා ඡන්ධය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාවිතා කල යුතුයි. මේ රට ලෝකය හමුවේ ඔසවා තැබිය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. එතුමා එය ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. ලෝකයේ කඩාගෙන වැටුණු රටවල් ගොඩගන්න අවුරුදු 10 ක් 12 ක් පමණ ගත වී තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ රට අවුරුදු 2 ක් වගේ කෙටි කාලයක් තුළ ගොඩගත්තා.නමුත් ඒ කර්තව්‍ය තවම අවසන් නැහැ. අපට තව ඉදිරියට යන්න තිබෙනවා. කලබල වෙලා මේ මාර්ගය වෙනස් කරන්න ගියොත් අපි ඔබ සියලුදෙනාම නැවත වරක් අමාරුවේ වැටේවී. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳව නිවැරදි තීරණය තියෙන්නේ ඔබේ අතේ තිබෙන ඡන්ද පත්‍රිකාවේ. ඔබගේ ජනවරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත පිරිනමා කෙළෙහි ගුණ දක්වා රට බේරා ගැනීමේ ඔබ සැමගේම යුතුමක් කියා මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.මෙම රැස්වීම් සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතවරුන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.


























